Linux OS එකක් Pen drive එකෙන් Boot කරමුද?

Linux OS එකක් Pen Drive එකෙන් Boot කරන්න එක එක ක්‍රම තියනවා.  එකෙන් එක ක්‍රමයක් තමයි Universal Usb Installer use කරල Pen එකෙන් Boot කිරීම.  එකට අපිට ඕන වෙනව Universal Usb Installer කියන Software එක. (මෙතනින් Download කරගන්න.1.3 Mb)

ඊට පස්සේ ඒක Run කරාම පහත පරිදි Window එකක් එයි.



Step 1 : ඔයාට Boot කරන්න ඕන Linux Distribution එක Select කරන්න.

Step 2 : අදාල Linux Distribution එකේ Iso File එක Browse කරන්න.

Step 3 : Boot කරන්න බලාපොරොත්තු වන Usb Drive එක Drive කරන්න. ( ඒ එක්කම Format කියන box එක tick කරන්න. එතකොට ඔයාගේ Pen එක Format වෙලා අදාල වැඩේ සිද්ද වෙනවා.)

ඊට පස්සේ Create click කරන්න.  එතකොට පහත පරිදි Window එකක් Open වෙයි.


මේක process වෙලා ඉවර උනාම Pen Drive එක Bootable වෙලා තියෙයි.  ඊට පස්සේ ලැප්ටොප් එක shutdown කරලා On කරන කොට F12 click කරලා Boot option Menu එක අරගෙන Usb Select කරලා enter කරාම Pen එකෙන් Mashine එක Boot වෙයි.






Previous
Next Post »